අලුත් වූ අවුරුද්ද

අලුත් වූ අවුරුද්ද

අමිතා පද්මකුමාරි

හසරැලි නඟද්දී එරබදු තුරු බැද්දේ ඈතින් ඇසේ කොවුලෙකුගේ නාදේ මල් පල දරා තුරුවැල් නඟනා සද්දේ ගෙන එන්නේ සිරිය සිංහල අවුරුද්දේ රෙදි පිළි ගන්න මිනිසුන් පොරකනවා කැවිලි ටිකත් කඩයෙන් ගෙනයනවා නැකතට ගේ මැද කිරි ඉතිරෙනවා අවුරුදු මේසයත් ෆ්බීයේ අමුණනවා ඔන්චිල්ලා නොබැන්ඳාට අඹ අත්තේ රබාන හඬ නොදුන්නාට මේ පැත්තේ රූප පෙට්ටියම අවුරුද්දේ සිරි ගත්තේ කාබී තුටින් නරඹන්නයි දැන් ඇත්තේ
කවිය බලන්න