නව අවුරුදු ගීය

නව අවුරුදු ගීය

චතුරිකා කස්තුරිආරච්චි මොරටුව

වැට අද්දර රතට රතේ එරබදු මල් නොපිපුණාට
කහපාටින් ගහ පුරාම කජු පුහුලන් නැති උනාට
රබන් හඬට නටන බඹරු ගම්මැද්දෙන් පැන ගියාට
කෝදුරුවෝ ඉව අල්ලති පිළේ කොනේ එල්ලූ කැවුමට

ළිඳ වටකර බහින බතල කියා රබන් ගහල
අලුත් හාලේ බත් අරගෙන කිරිබතත් පිසල
කැවුම් කොකිස් අතිරහ සුවඳින් ගේම පිරිල
කිරි අත්තට බුලත් හුරුල්ලක් දීලා වැඳල

සිරිලක සිරි පිරි සුව සුබ නව අවුරුද්දේ
උඩ යන තාලෙට පැද්දෙන රන් උංසිල්ලේ
සුළඟට විසිරෙන ඇගෙ දඟ කෙහෙරැල්ලේ
තාලෙට ඇසෙනා යස උංසිලි වාරම් නාදේ

ටිං ටිං නාදෙන් හෙමිහිට ඇහැ අරින ජම්බු
ගහ මුදුනේ එල්ලීගෙන ඉරි ඇඳි ලේන් අප්පු
අතු අස්සේ සැංඟීලා වත මල් කොහා රතු
මිහිරෙන් මත්වී සුබ ගීය ගයයි නව අවුරුදු

කවිය බලන්න