'' අවුරුද්ද කොරඤ්ඤා''

'' අවුරුද්ද කොරඤ්ඤා''

බන්දුල කුරුවිටආරච්චි

නැති සද්ද එවුන්ගෙත් කන් පලන රතිඤ්ඤා. ඇති සද්ද ගව රැළක් පුම්බවන රතිඤ්ඤා. තුන්හුලස්, බට්ටො සිට මල් වෙඩිත් රතිඤ්ඤා. මොළය හිස් එවුන් මෙනි කොපුව හිස් රතිඤ්ඤා. කට්ට කයිරාටිකව බුලත් දී වඳිඤ්ඤා. පට්ට බොරු සමගියක සුබ නැකැත් පුරඤ්ඤා. දෂ්ට කල හැකි තැනක් එනතුරුම සිටිඤ්ඤා. ගොට්ට අල්ලන උන්ම අවුරුද්ද දිනඤ්ඤා. කොහා, එරබදු, රබන් ඇතිපට්ට ගසඤ්ඤා. කැවුම්, කිරිබත් ඇවැසි අය සොයා ඇදෙඤ්ඤා. නිසි සුවය පතන සැම දනන් දුක දකිඤ්ඤා. පරණ ගොන් කම් නොකර අවුරුද්ද පුරඤ්ඤා. ඔෂාවා. කැනඩාව.
කවිය බලන්න