නැතුවත් ළඟ

නැතුවත් ළඟ

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

සුමුදු යහන් සාදා තම උකුළ මත
කුමුදු පිපෙන යාමෙත් ඇහැරිලා හිත
සුසුදු ආදරේ කිරි කර පොවා ඇත
දැනුදු මවක මතකය තෙත් කරයි නෙත

නිසල නමුදු ගැඹුරයි සාගරේ පස
අසල ඉඳියි දුකකදි නම් විලස ඇස
කඳුළ සුසුම උහුලන සැප සතුට ලෙස
පතල වෙන කවුද මේ ලොව පියා මිස

තමන් සිටින තැනටත් ඉහළින් යන්න
හිතින් ගතින් හැම දේකට උර දෙන්න
ඉතින් වෙනත් කවුදෝ ඉන්නේ දන්න
මවුන් පියන් මිස නැතුවත් ළඟ ඉන්න

කවිය බලන්න