මල්වර නැකතින් පරව ගිය මනිෂා

මල්වර නැකතින් පරව ගිය මනිෂා

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

රූපෙක මතක වත මනිෂා කොයිරාල මෑතක මැඳුරෙ පාසැල් දැරියකි බාල දාරක සෙණේ මතුකල මඩිමින් කෝල පූරක මමයි,දුටුවෙමි රංඟන මාල අහසට නගින මන්ඳිර වට මඩ වගුරු පොළවට බරැති වාහන වීදුරු අඳුරු සසරට බැදුන සිටුවරු නමගිය මසුරු දවසට පස්වරක් දෙවියන් වෙත නැඹුරු මැඳුරක එවන් තව මහලක් මුල පිරිය කමතක ඉඩකි හිස් පියසම කෙළි පිටිය සවසක දිටිමි දැරියක පෑ ඉඟිබිඟිය සසරක පුරුදු රැඟුමන් මා නෙත් තෙමිය ලෙලවා වටොර විටකදි ඈ රඟන්නී සොලවා දෙවුර ගෙල ඇලකර බලන්නී සරුවාලයක් විනිවිද රුව දිලෙන්නී සොලවා මසිත ගුත්තිල කව ගොතන්නී පෙර පාසැලට යන මගෙ පොඩි මිනිපිරිය වෙර ගෙන අත් වැටට නරඹයි රඟ සිරිය දුර සිට අත් වනයි පෙන්නා මුව පොඩිය සුර දූතියෝ දෙදෙනෙක් මෙලෙසින් බැදිය දවසින් දවස විකසිත වෙයි මුව තඹර නිවසින් නික්ම යයි අත ලග ගුරු ගෙදර සැණකින් දොර වැසේ මුලු ගෙදරම අඳුර සිහිනෙන් නොවේ දෙපයින් වැඩියේ නපුර නිවසේ සැදැල්ලේ හැන්දෑ වෙලාවට දවසේ මතක ලියනෙමි හුරු ලතාවට රහසේ දුටුව රංඟන කවි කතාවට දුකසේ තිතකි, අඳුරකි මුලු පලාතට මුල්ලා කෙනෙක් එමඟේ යන ඉද හිටක දල්ලා රතැස් ඇගෙ රැඟුමන් දැක දිනෙක හොල්ලා උරිස් පෙන්නා පිටුවක් පොතක බිල්ලා මවා කිව්වා මේ නම් පවක සීයේ ඇයිද අක්කා දක්නට නැත්තේ ආයේ මිනිපිරිය වැලපෙයි එලිපත්තේ පායේ අවට විහගුනි රැදි එක අත්තේ ගීයේ පදට අරගන් නීරස සත්තේ ආවත් සැදෑකල මා ගෙයි සැදැල්ලට ලීවත් හෑලි කොලවල පෙර පුරුද්දට කෑවත් කාවෝ කවි පද නොම දකින්නට තාමත් සොයමි මනිෂා සිත් නිවෙන්නට 24 / 03 / 2026
කවිය බලන්න