මළ ( සමයං ) ගෙවල්
මාල කඩ කොනේ දෙන සැකසෙන අතර
කල් බල බලා සිටියෝ වටවෙයි ගෙදර
අල්ලයි ඉව කලින් ගෙට නාවෝ නිතර
හොල්ලයි පිංතූර යයි බිත්තිය අතැර
පෙරමඟ ලකුනු මතුවෙයි පෙට්ටිය ගෙනෙන
කර පොව බලයි එන යන වාහන ගනන
දුර සිට ආව නෑයෝ කාමර සොයන
කර ගහ ආව පොට්ටනි කටවල් ඇරුණ
ඇත් දළ මුරායුඳ පිත්තල පහන් මැද
අත් හල මිත්තනිය සතුටින් නිදයි අද
සිත් සන්තොසින් ඇගෙ මුව මත පුරා හද
උත්තර බදී නිවැසියෝ ඇස් වසා හිද
කට්ට කරුවලේ කොතෙකුත් දවස් විසූ
මෙට්ට ඇදට ඇලිලා තෙල් බෙහෙත් මුසූ
දොට්ට පිලට යන හැටි පෝනයෙන් දෙසූ
දුට්ට රකුස් නෑ සිර ගේ ඉතින් වැසූ
පෝරණු වගේ ඈ එදවස සිටි කුටිය
පැරුණ හිත පෑරුවේ ඉදහිට එන නඩය
කැරකෙන විදුලි පංකා පෙතිවල හැඩය
පියවුන ඇගේ දෙතොලට මදහස නැගිය
ටාටා බට්ටා ගෙන ආවේ හට් පොඩිය
බාටා පතුරු ගෙවිලා මතුවි අඩිය
ෂෝටා ගහපු කොලු නඩ අත සුදු කොඩිය
රීටා හඩා පෝනෙන් කාටද දෙඩිය
බත් කන්නට පොරේ අල්ලයි වතුර තටු
නෙත් සනසනා බූපේ සුදු යකඩ පුටු
සිත් ගත් රෙසපි නාසෙට එක් කලත් හොටු
පත්තර මදිව බත් ඔතනට ඉරයි පිටු
මාරි තමයි මළ ගෙයි නොමැකෙන අකුරු
වේපර්ස් දෙන්නෙ කොහොමද ගන්නෙම අහුරු
අලියා බීම කඩ මන්ඩියේ නෑ ඉතුරු
නෙස් කැපෙ ගොටුය තැන තැන පුටු යට වැපුරු
මෝස්තරේකට තිබ්බත් විට තටුව
ඉදහිට කෙනෙක් කැඩුවේ බුලතේ නටුව
පඩිංකම් කෙහෙද අහුමුලු වල සැගව
පෙලක් උන් හිටියෙ හකුවල කෙල පුරව
බැනර් යාය ඩියුටිය ඉටු කලත් ගරු
කොලර් හදා පැසසුම් ගත්තේම හොරු
කවර් කරන් නෑදෑකම් කලත් බොරු
සුවර් මොවුන් මළ ගෙයි හත් දවස් තුරු
දරු මුනුපුරණ් කැන්දන් ආවෝ වටව
කුරුමානම කාගේ කොතැනක හෝ අඩුව
කුරු කුරු ගඟා මාගම් සෝලිම දෙඩුව
සායම් ගායි පිරිසක් බිත්තියෙ වටව
කර දඩු උස් මහත් නැති ගස් ගඳ පොඩ්ඩෝ
කර පොව බලයි කැරමේ කවුරුද වැඩ්ඩෝ
කරබා උන්නේ තැන තැන නම ගිය කුඩ්ඩෝ
දර පල පලා ඉගිබිගි මැදිවියෙ රොඩ්ඩෝ
පාර්ක් එකේ කෙරුමා මාතර හිච්චි
කතාවක් නොදී බෑ නපුරා වෙච්චි
උපාසක රාළ අත මිට නෑ පිච්චි
උන්දැගෙ බණ මොටෝ කල් යල් පහු වෙච්චි
බොරු දෙස දෙසා තව පවු පුරවණු බැරිව
ලොකුනම නිහඬ මන්දෑ හොඳටම ගොළුව
දුර සිට V 8 තුරඟා පිට වැඩුව
තර තෙර නමක් දෙසුවේ තනිකර බොරුව
හැම සමිතියේ ලොක්කට මුල් කතාවයි
නම ගම නොදත් මන්තිරි ගුන වමාරයි
කිම මගේ වාරේ උහුලනු බැරි පමාවයි
නිම නෑ වැස්ස අහසට දොස් පුරාමයි
හර්ස් පතය මරණය සොමියකි සිතෙන
පර්ස් තඩිය නෑ පිරිවර බර කිරණ
ලෝස් නැතුව අඟනුන් ලග දොර ඇරෙන
මෝස්තර කාර් ඇස් කට වහ වදින
කාර් බාර් නැත්තෝ වට පිට බලන
සූර් වෙච්ච නෑයෝ තැන තැන කහින
සර් එවපු බස් එක දොර නොම වැසෙන
කාර් අහිමි නෑයෝ සොහොනට අදින
සන්සුන් ගමන් අවසන සොහොනට වැඩලා
තුන් වටයක්ම සෑයේ පැදකුණු කරලා
දන්නැති බෑනලා දෙදෙනෙකු මුව වහලා
උන් මේ උන්දෑ කවුදයි රහසින් අහලා
25 / 07 / 2026
කවිය බලන්න
