හාඩ්වෙයා කඩේ උඩු මහලේ ජිම් එක
දවන්නට බැරි තරම් ඩිපොසිට් කැලරි ගොඩ
නවන්නට කොහොම අත් පා, කළය බඩ
කරන්නට ඉඟ සිහින් නළු නිළි වගේ හැඩ
බලන්නට වටි ජිම් එක කඩේ උඩ
කෝටු කකුල් තඩි බඩ ගෙඩි ලබු කැටයා
නාටු කකුල් මැස්සේ ලඹ දෙන සැටියා
ලාටූ කාපු රිලවුන් සේ හති ඇරියා
කෝටු කිතයි සිහිනෙන් six pack දිටියා
කතා නොකර පෝනය කොට කොටා සිටි
ඉතා මහත අගනෝ ජිම් එකේ සිටි
ලතාවකට ඇවිදිති බලි වගේ මැටි
පතා බට තුරක් තල් ගස් පෙලක් දිටි
සිලි සිලි මල්ල ඔසවා හති කට බලියා
මැලිකම කුසිත එක වල්ලේ පොල් සැටියා
විලි වහගන්න රට අමුඩේ ඉඟ වටයා
ගුලි කෑ කිඹුලියෝ පලසේ හති ඇරියා
අගනා සළු පොටෙන් අඩ සෙළු කය වැසුන
වටිනා වතුර බෝතල් මූඩිය ඇරුණ
සොයනා බැලුම් අනෙකගෙ මස් පිඩු නටන
ලලනා සමිති ජිම් එක රන් මසු ගිලින
පදවා ගෙන ආව නෙක නෙක තුරඟ පෙල
රදවා ඉස්තාලේ හරවා බලයි ගෙල
විදවා ගන්න වෙනවා අකුසලේ බල
රිලවා වගේ නටවයි අය කරයි මිල
පාත කඩේ බර ඔසවන නාටාමි
සීත රෑක අඩියක් ගැහුවත් දෑමි
ගාත දෙකේ අගනෝ වෙති කදසාමි
නාථ දෙවිද රැකදෙන් කළු නාටාමි
25 / 04 / 2026
