ආදරය සෙව්වෙමි

ආදරය සෙව්වෙමි

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

පත පොතින් කියවා හැඳිණි
ඒ ආදරේ සෙව්වෙමි
තුරු වදුලු අතරේ
මල් පිපුණ මිටියාවතේ
සිලි සිලි නඟනා දොළ පාරේ
කිරි කැටි මුවක දිලෙනා
සිනා කැන් අතරේ
ඒ ආදරේ සෙව්වෙමි

මොහොතක මුකුලිත
මල් පෙති අතරේ
නුඹ සිටියේ නෑ
හෙමිහිට ගලනා
දිය රැළි අතරේ
නුඹ සිටියේ නෑ
කවියේ ගීතයේ
සිත්තමේ නැටුමේ
නුඹ සිටියේ නෑ

ළහිරු කිරණක් සේ
හදේ උණුසුමින් සැනහී
කාටවත් නොපෙනී
කාටවත් නොමදැනී
සිතක පතුලේ සැඟවී
ලොවක රුසිරු
දෙනයන අබියසට ගෙනා
ඒ රුසිරු ආදරේ
මා ළඟමයි තිබුණේ


21/01/26

කවිය බලන්න