'මෙ' කව මෙතනින් නොනවතා' .........

'මෙ' කව මෙතනින් නොනවතා' .........

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

අප කුඩා ම මිනිසුන් වී ඔබ සුවිසල්ම ගඟක් වූ නිසා 'ගඟ වක් වී ගලන තැන' හිඳ බලා හිඳිනෙමු ඔබේ දිය සිත්තම මවනා අසිරි රූ රටා කවෙන් නොකියු වදන් කාච සිත්තමක අතුරා කාච සිතුවමේ අවර්ණ හැඩ තල කවකින් පඬු පොවා දිව අගම දැවටෙනා දන්නා නොදන්නා හිතේ මුල්ලක කොඳුරනා නිමිත්තක් නැති සතුටක සාඩම්බර අයිතිකරු වී අපටත් ඒ සතුට බෙදනා සුහද පතනෙමු සෙනෙහසින් අපෙත් ආයු ලැබ 'සඳුන් අරටුව දල්වන්න' 'පසළොස්වක සඳ' වී අපේ 'මෙ' කව මෙතනින් නොනවතා' ඉ 28/06/26 Photo Credit: Lanka Jayasinghe
කවිය බලන්න