පුංචි සලකුණක්
මද්දහනක ගිනි ගැහිච්ච
අනවරතව දවන හිතට
පිරිත් පැන් පොදක් ඉසිනට
පුවක් මල් කිනිත්තක්
අමාවකේ බුම්ම ගත්ත
සඳත් අහක බැලූ රෑයම
තරුවටත් හොරා මඟ කියූ
පුංචි සලකුණක්
ගොර බිරම් සුළි සුළං හමමින්
මිහිකත සෙලවී හඬද්දී
පහන් සිලක් දෝතින් රැකි
කුළුණුබර සිතක්
කවිය බලන්න
