ගියෝතින් නුඹට පෙර
ගියෝතින් නුඹට පෙර
එපා මල් ගෙන එන්න
එපා මුව මඬල මත
මුදු හාදු තවරන්න
සිතින් සිත අල්ලාන
ගෙවුණු පෙර දින සේම
කොඳුරමින් පවසන්න
මා නුඹේ දිගුව බව
නෙතින් නෙත බලා ගෙන
අතින් අත පටළා ගෙන
පපුව මැද විදිලි කෙටි
ප්‍රේමයක පාට හැඩ තල
අපි දන්නේ කෙලෙසකද?
මගේ සිතැඟි වල දිගුව
නුඹ
නුඹේ සිතැඟි වල දිගුව
මම
ඉ
24/08/26
Photo Credit: Mayron Oliveira
කවිය බලන්න
