සද්දෙ පමණි...!
මාරු කාසි ගෙනබැලුවම වටිනා කම අඩුවුනාට...
තෝරු මෝරු වගේ ලොකුයි දාන සද්දෙ ගණිනදාට...
සීරුවෙන්ම හිටියත් ඔය නෝට්ටු දිදුලමින් පාට...
පෝරුවටත් නගින්නෙ දෑවැද්ද ලෙසින් බඳිනදාට...
එලෙස සිතා බැලුවොත් අර මෝඩයින්ගෙ එ බර බරේ...
කෙලෙස ඉවසගෙන ඉන්නද, නොදත්කමම මුවින් පෙරේ...
අලස ලෙසින් පෙනුනත් ඔය සද්ද නැතිව ඉන්න දොරේ...
විලස නියම උගතා, තම
දැනුම වඩයි නිරන්තරේ...
'නියම වැඩ්ඩ' ගරු නාමේ
ලබන්නෙ ඒ අයයි නිතර...
දැයම බබලවයි තම දස්කමින් වැඩිය කතා නොකර...
කයම දෙදරවා වදනින් හරඹ කරත් නොදැන සතර...
පයම ඔබා වැජඹෙයි මුග්ධයො,
ලොකු ලොක්කනුත් අතර...
