තිත්ත හාදුව…

තිත්ත හාදුව…

ගයත්‍රි පෙරේරා

ඒ හාදුව…
මල් සුවඳක් නෙවෙයි
ඒ තිත්ත…
උණුසුම්…
බීර සුවඳක්…

තිත්ත රසයක් වුණත්…
හදවතේ ඉඳි නම්
ඒ…
නිහඬ මල් සුවඳක් වෙයි…

මුහුදු ලිහිණින් හඬ
සවන කීරි ගන්වන වෙලාවේ
නොසන්සුන් හැඟීමක
තනුවක් මුමුණයි හදවතේ…
තිත්ත රසයක් වුණත්
මතකයේ රැඳි නම්
හාදුවක් පවා
මල් සුවඳක් වෙයි…

බිඳුණු රහසක් රැගෙන
අතීතය බලන විට
උරහිසට මත්තෙන්
වළාකුල් රැළි නගයි…

සඳ එළියේ හෙමින්
මුහුද රහසක්
රැගෙන යන විට
සුළගේ විසිරුණා
ඒ හාදුව…

මල් සුවඳක් නෙවෙයි…
ඒ තිත්ත…
උණුසුම්…
බීර සුවඳක්…

කවිය බලන්න