මිහිලිය
හරිත පැහැති පලසක් මත
ඈ මඳ නිදි සුවයෙක ගිලී සැතපී සිටියාය.
දිවා ගමන නිමා කළ හිරු
ඇගේ උකුළ මත විඩා නිවා ගත්තේය.
ලැජ්ජාබර සුමැදින්
ආදරයේ අවදි වන ගිනිදැල් සඟවා ගත් ඈ,
නෙළුම් පෙතිවල මෘදු පැහැය වැනි
ආලෝකයකින්
මිණි කැටයක් සේ දිදුලන මුහුණක් හිමිව
ඈ, උදෑසන සුන්දරත්වය මත
ඉතිරි කළ සිහිනයක් මෙනි
ඒ නිහඬත්වය
උදෑසන එළිය සිපගත් තැන
දිදුලන
පිපුණු මලකි
ඇගේ සෞන්දර්යය ඉදිරියේ
කාලය පවා තම
නිමක් නැති ගමන
අමතක කළේය මොහොතකට
ස්වර්ගිය් නිශ්ශබ්දතාවයේ
ආලෝකය
ඇගේ සන්සුන් දෙනෙත්වල
තවමත් රැඳී තිබුණේය.
Photo Credit; Shayle Hollie
කවිය බලන්න
