කිරිසිනා නොදැක ඇයි කසාවත ඇන්දේ?
ඉතිං මට හඬන්නට
ඉඩදෙන්න හිමියනේ ළසොවින්
සරා සැකි කප්පුරා
උණු කඳුළු වගුරනා දෑසින්
මපුතු තුරුළට අරන්
නෙත පියවූ විරාමෙක රහසින්
ගියේ ඇයි මහ රෑක
එතෙර වී මහ කඳුළු ගඟකින්
වේලා සඳකිඳුරියක
දුන්නු සෙනෙහස නොමැත සිඳුනේ
කෙළෙස විඳගම්ද මම
නැගෙන අවලාද හිමිසඳුනේ
සෙනෙහසේ දායාද
ලබන්නට පියරජුන් වෙතිනේ
එවන්නම් රහල්පුතු
වෙන කුමක් කරන්නද නොදැනේ
බිඳුණුදා කුලගෙයක්
පතිනියයි අපවාද වින්දේ
කිරිසිනා දකින්නට
නොඉඳ ඇයි කසාවත ඇන්දේ
දැවෙන හද නිවෙන්නයි
සත්වසක් තනිව ඉකි බින්දේ
මෙයයි අවසන් භවය
සමුදෙන්නටයි දෙපා වැන්දේ
කවිය බලන්න
