මැතිඳුනි සිරිසුමන!

මැතිඳුනි සිරිසුමන!

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

දුල පුන් සඳකි සාහිත අඹරට නැගුණ
හෙළ පන්හිඳට පත් ඉරුවක් විය නිතින
ලෙළ දුන් සිළුව වී දැල්වුණු නැණ පහන
කළ පින් සපිරි ගරු මැතිඳුනි සිරිසුමන

සුදුවත පමණි නැත කිසි දිවසළු පැළඳ
මුනිවත රැකී නොදොඩා වදනක් බොළඳ
පත පොත වෙතම සිත බැඳි දන වෙත නිබඳ
අතහිත දෙවුනි දෙනමෙන් සකුණට විළඳ

ඇතිදා දෙරණ මත සාහිත ඉඩෝරය
ගියදා සිඳී දනහද රස හව් නදිය
වෙරදා වැලිමතින් ඔරු කඳ රැගෙනගිය
ගිජිඳා ඔබයි නිති පෙරමග ඇවිද ගිය

දෙනුවන් වැසුණු මුත් කරුණා ගුණ පැතිරූ
සුපසන් නම තියේ හෙළබස තිබෙන තුරූ
සසරින් මිදී මතු මොක්සුව විඳින තුරූ
භවයෙන් භවේ හමුවෙමු මැතිඳුනි සොඳුරූ

කවිය බලන්න