දෙවිඳුනි වෙසෙන අභිමංසල

දෙවිඳුනි වෙසෙන අභිමංසල

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

පුද දී තුරුණු විය ලක්වැසි දන නම ට දිවි දී රණ බිමේ ගෙනදුන් නිදහස ට ලෙළ දී සිහ ධජය සිව්දිග දකින වි ට රැව් දී ඇසේ නුඹ නැඟූ සිහනද අප ට වින්දා තිස්වසක් නෙක දුක් ගැහැට එදා මන්දා අමතක ද නුනුවණ දනට මෙදා කැන්දා රුපුන් යළි මෙහි උන් වැළඳ බදා දුන්දා බෙදා ලක්මව වැලපෙවී සදා විරුවනි මිය ඇදුණු රණ බිම වැළඳ ගෙන සොයුරනි සිඳුණු අත්පා, නෙතු අන්ධ වුණ නයුවනි අණ දිදී නීති පෙරමුණ රැඳුන බැතියෙනි සිතින් සිපගමි නුඹ පා පෙමින තනිමංසල ක හැරදා සුතනඹු සොවින දිවිමංසල ක නැවතී පෙරුමන් පුරන තුමංසල ක පිළිරූ නැතිමුත් පුදන අභිමංසල ද දෙවොලකි දෙවියන් වෙසෙන
කවිය බලන්න