කවිය කුමට ද?

කවිය කුමට ද?

ගරු සනත් කුමාර ප්‍රනාන්දු පියතුමා (දි. ගැ. නි. ) මහනුවර

මලක් කුමට ද සුවඳ නැත්නම්
බඹරු ඒවි ද මලට එහෙනම්
සඳක් කුමට ද එළිය නැත්නම්
ඝනදුරින් රැය පහන් වේ නම්
පෙමක් කුමට ද මිහිරි නැත්නම්
කඳුළ විතරක් එය දනී නම්

සිනහ මල් දම් මුවට කුමට ද
මගේ නෙතු කඳුළින් පිරේ නම්
කවිය කුමට ද ලියනු මනරම්
නුඹට ඒ කවි නොතේරේ නම්

නුඹේ හැඟුමන් හදට කුමට ද
වේදනා හද අග රැඳේ නම්
පැතුම් කුමට ද සොඳුරු නැත්නම්
නුඹ නිසා දුක උරුම වේ නම්

ගරු සනත් කුමාර ( දි.ගැ.නි) පියතුමා
සාන්ත මරියා සිද්ධස්ථානය
මහනුවර

කවිය බලන්න