සොඳුරිය

සොඳුරිය

ගරු සනත් කුමාර ප්‍රනාන්දු පියතුමා (දි. ගැ. නි. ) මහනුවර

නිසොල්මනේ වැතිරී නුඹ සිනාසුණු අපේ නිවහනේ නෑ හිත මිතුරන් දූ දරුවන්ගේ කඳුළු ඉකි හඬ මැද්දේ කිසිම වදනක් නොකියාම සොඳුරිය යන්න යනවද? නොඑන්නම යළි නොසිතු විලසින් නොපෙනෙනා ලොවකට වදනකින්වත් රිදෙව්වේ නැහැ කිසිම දවසක මගේ සිත මේ ජීවන මල් උයන් තෙරේ දෙවිඳුන් දුන් හොඳම මල දෙවිඳුන්ම නෙළා ගත්තේ සරසවන්නට සුර නිවහන විඳින්නට තවත් මට ඔය සුවඳ පින් මදි නිසාමද? සුදු වතින් සැරසී දෑත ළයේ හොවාගෙන නිසංසලේ ඉන්නේ නෙතු පියන් වසාගෙන හැකිනම් ගන්නට මගේ පණ නල සොඳුරිය පහත් වී නුඹේ මුව අග සිඹින්නම් දහස් වර සාන්ත මරියා සිද්ධස්ථානය මහනුවර
කවිය බලන්න