පරව ගිය දුහුල් මල
දෙනෝ දාහක් නුවන් අතරේ නිසොල්මනේ සැතපී
ආලය වන් මනරම් කවිකම් ගඟ දියේ සිසිල දී
රාගයෙන් තොර ප්‍රේමයේ පරිශුද්ධ බව කියා දී
යන්න ගිහින් ගැයූ ගීත ළඟින් තියා සිරිමත්
හතර වටින් කළු කෙරුවත් වැහි එන්නෙ නෑලු
හන්තාන අඩවියේ මැදුරු කුලුනු සඳලු තලා
පිස හමනා ප්‍රේමයේ සුවඳත් කනාටු සුළඟේ පා කරලා
සිතුම් වසඟ කළ දුහුල් මලක් සේ පරව ගියේ නන්දා
කවිය බලන්න
