අගුළු සිරවූ පැතුම

අගුළු සිරවූ පැතුම

රුවන් ඩී අළුබෝමුල්ලගේ

උද්‍යානයක නොපිපුණ බැවින්
ගොහොරුවක ඉපැදුණ පවින්
නයන දිගු නිල් නැති බැවින්
සෙනසුරා හරහට හිටි කොවින්

නර කෙසුත් එකිනෙක පෑදුණත්
වසර සිව් සාළිසක් ගෙවුණත්
ආ නමුත් බක්මහට අකුණුත්
“ හිරු කුමරු ” නොපැමිණියෙන් තවත්

චීත්ත ගවුමට වැටුණ රැලි
පොඩි වෙලා ගෑවිලත් දැලි
ඔක්කොටම වඩා බර සිතුවිලි
ඇස්වලට ගහන වැලි

දිනෙන් දින සිදුරු වැඩි වෙන
හදවතේ ගැඹුරුම වූ තැන
පිරිමදින සුවපත් කරන
පැතුම පැතුමකි අගුළු සිරවුන

කොඳ මල් කැකුළු විලි ලයි
වන විල් තලා ඉවසයි
පැත්තක ලොවම එළියයි
අනෙක් පැත්තේ එකම අඳුරයි

කවිය බලන්න