සැනසෙන්න නිවනේ
හැඟුම් මතුවන
සොඳුරු යෞවනයේ
දව දවා හලු කරනු බෑ ආයේ
හද දැවෙන ගින්නේ
යළි යළිත් දුක දේ
යටගියාවේ මතක මතු වේ
ගිණිපුළිඟු අතරේ
පියන් වැසුවද
තදින් නෙතු අගුලේ
රූ මැවේ
දෙනෙත් යුග ඇතුලේ
හිරු එබෙන තැන
සඳු නැගෙන තැන
නෙතු සුවය නොදැනේ
පා තබා පොලොවේ
පියමනිනු බෑ
මතක නටබුන්
මාවතේ මතු වේ
මංමුලා වෙනු බෑ
තටු සිඳින්නෙමි
මං මගේ
සිර වෙන්න කුටියේ
හිස් කරමි හිත
සැනසෙන්න නිවනේ
Photo Credit; abhijeet gourav
