ත්‍රීවීල් කාරයා
රෑ දෙකට පමණ ඉස්පිරිතාල හන්දියේ සිට
සෙමින් වැනි වැනී ගමන් කරනු දුටු සැන
වීලරයට නංවා ගත්තේ කවුදැයි නොදනිමි
එක්වරම ඉකි බිඳින හඬක් කන වැකේ
"ගෙදර යනවද මේ මහ රෑ තට්ට තනියම
ඇඟට හොදටම මහන්සිත් ඇති නේද-
මොනව හරි කාලා තේකක් බීලම ඉමු"
මම ටැක්සි මීටරය වහා නවතා දැමුවෙමි
කුඩා රෑ කඩයට ගොඩ වුන විගස
පෙරදාක ඔවුන් මෙහි පැමිණ සිටි අයුරු
මතකයට නැගෙන බව මොහු කියයි
අපි පැය තුනක් කතා කරමින් හිඳ තිබින ...
"මං හෙමිහිට බස් එකක් අල්ල ගන්නම්
අඳුරෙ මා තනි නොකල මේ මහත්තයට
බොහොම පින් සිද්ධ වෙච්චාවෙ"
කිරලෙක් මහ හඬින් කෑගසමින් දිව යයි
ඒ මිනිස් රුව නොපෙනි යනතුරු බලා හිඳ
නැවත වාහනය පණ ගන්වන මොහොතේ
මසිත මතු වන සිතිවිලි මඳක් සංකීර්ණය
18.02.2026
