පළමු වතාවට මතු වූ සැකය

පළමු වතාවට මතු වූ සැකය

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

දැඩි ඉවසිල්ලෙන් සෙබලිය උකුසු ඇසින්
සතුරු උපක්‍රම විපරම් කර රහසින්
මැවෙන රටා විමසා නිරවුල් මනසින්
පුරෝකතන කරනට සමතෙකි නැණැසින්

සගයින් තිදෙනෙක් සමගින් රණශූර
සැඳෑ මෙහෙයුමක යෙදෙනා අතරතුර
දුටු විගසින් ගහ කොළ පිරි ගං ඉවුර
වටහා ගති සිදු වෙන්නට යන නපුර

ස්නයිපර් කරුවෙක් ගත් එල්ලය වරදී
සුරතට පත් ගිනි අවියෙන් පහර දිදී
දිය කිඳුරිය සේ වතුරට පැන කිමිදී
ඈතින් මතු වේ මර උගුලකින් මිදී

සෙවනැල්ලක් සේ පසුපස හඹා එන
කවුරුන් හෝ දැක විපරම් කර තිබින
යෙදූ ගණිතමය අවදානමක් ගැන
නොසන්සුන් බවක් සැකයක් ජනිත වින

කවිය බලන්න