නියමය සහ අනියමය
නොදැක දුරින් හිඳ
අතින්වත් නොඅල්ලා
දෙදෙන අනියම් පෙමක
සිනිඳු සයනේ
සුමුදු ඇතිරිලි මත
පියඹ හා උන්
රැය පහන් කරද්දී
පාළු හුදෙකලාවේ
විමසමින් හිඳී ඈ
දහවල ඔහු එවූ
කෙටි පණිවුඩ
රොමැන්ටික සිතුවම්
ලොවම ගරහන අනියමය
අදහාගත නොහැකි තරමට
අලාමකදෝ මැදිහත්දෝ
ඔබ ඔතැන මා මෙතැන
ජීවිතය සුන්දරද කොතරම්
නද දේ එසැණ දුරකථනය
හමුවෙමුද සොඳුරියේ අපි දිනක
පැනයකි ඔහුගෙන්
රකී ඈ මුනිවත
විසන්ධිව ඇත ඇමතුම
