හිස්
පැන් තොටක් වී හිඳී මුවට බිඳුවක් නොදී
මල් මිටක් වී හිඳී සුවඳ කඳූලක්. නොදී
නුග රුකක් වී හිඳී ගතට සිසිලක්. නොදී
කප් තුරක් වී හිඳී පැතූ කිසිවක්. නොදී
කුමර කුමරියන් අත් ගෙන සරන මාවතේ
ඈත කොණකින් මතුව එයි සොයන ජීවිතේ
සකල විද්‍යා කලා දැනුම දන් දී සිතේ
මේ මොහොත විඳගන්ට පුලුවනිද ආ එකේ
නැතේ පා සටහන් සියොතුනගෙ අහසේ
දියේ ඇඳි ඉර මැකී යයි විගස රහසේ
නිවී ගිය පහන් එළි ලකුණු ඇස නොගැනේ
ඒ වගෙයි ප්‍රේමයත් වැඩූ පෙර දවසේ
Photo Credit: Mehdi Sepehri
කවිය බලන්න
