බැස නොයන සඳවතී
මලක මෙලෙක දුටු මුදු සිත නිසසලය
සියළු දේ ලොවේ මරණෙට අවනතය
කුරවි ස්වරය නොනිමෙන වාතලයෙහිය
යුග යුග එනද කිකිණිය රැව්දෙන සුලුය
ගී අඹර තුළ සදා බැස නොයන සඳවතී
පරසතු මලකට දෙමි නුඹේතොල්පෙතී
බතක් නොඉදෙන පැලට බතක් වූ පින්වතී
සුගායනියේ නුඹට ලොව උපමා නැතී
නද හඳුනමි ගුවනේ රැන්දු කිකිණිය
හද නොහඳුනමි සුපිපුණු කුසුම් අසනිය
හෙළ ගී රැජින අප පිනට මෙහි පැමිණිය
නිවනින් නිවේවා නන්දා මාලිනිය
කවිය බලන්න
