රෑනේ එකට එක අත්තක වසන උන්
රෑනේ එකට එක අත්තක වසන උන්
කාලෙත් එක්ක වියැකී යයි රැහේම උන්
එකට වැටී උඩුගං බලා යන ඇට්ටර උන්
ඉගිලෙන රඟබලා ඉසිකෝ පුරයි ඇතැමුන්
බලා ඉන්න බැරි තැන කකුලෙන් අදින උන්
දතකට විලිස්සා නැති වැරැදි හොයන උන්
ලිඳලඟ කබරගොයා දැක දැකත් නාන උන්
හැපුවොත් කම් නැතිව කෙබර කෙළින උන්
තම කිල්ලෝට වල හුණු, ගිණි ගෙන දැවෙන උන්
වීදුරු ගෙවලහිඳ අවිහිංසකයන්ට ගල්ගසන උන්
අමතකයි උන්ට මුල, මුරුංගා අත්තෙ ඉන්න උන්
අත්ඇර මිස පසු නොබලන් මිතුර අසමජ්ජාති උන්
15/02/26
කවිය බලන්න
