සැඳෑ නුබ සුරඟන

සැඳෑ නුබ සුරඟන

නයනශාන්ති දිසානායක

දුල් මිණි අතුල නුබ ලොල් වී සිඹින සිඳු රළ ගැල් වෙන සිහිල් සුව හස ඇල්මෙන විඳින පෙම් සුව දිසි සිකි පිල සෙ ලෙහි නැළැවෙත වෙළී පවනෙහි සුරඟන රඟන තාලෙහි ලතු සළු පැලඳි අබරෙහි පෙණ මුතුහර සරින් සරසණු රිසින් අදරින් වෙළි වෙළී අත් පසුරින් සිඳු රැඳි අඹර නුදුරින් පෙරා හස නුරාව සරා සුරමඟ පුරාව උරා රතදර සුරාව දරා පෙම් අම යුරාව
කවිය බලන්න