වන්දනීය නන්දාවිය
පසුකර නේක කඩඉම් දිවි තලාවේ
මදහස පෑව මුවගින් අම නුරාවේ
හදබැඳි ගීත බෙදමින් රස කලාවේ
භවදුක සෝක නිවමින් සැනසුනාවේ
ගාමක බලය හා නොබියව පෙළ සෑදී
යන්නට පෙරට ආවේ බැසගෙන වීදී
පීඩිත මඩින් මතුවී ඇගෙ හඩ පෑදී
සක්හඩ සරින් ගුම් දුනි මිහිමත පීදී
මහතුන් ගෙනෙන පුද පඬුරට පිටුපාලා
මතැතුන් ලෙසින් ආවත් නොසැලුණ ලීලා
මනුසත් ගුණෙන් පිරි හදවත දිරිදීලා
මේ මහ පොළොව මත දෙපයින් සිටි මාලා
තුඩ තුඩ මිමිණෙනා ගීයක රසවතියේ
දුක දිග්විජය කර දිනු රස ලාලනියේ
පැටවුන් ලයේ රැකි මවුවත් ඇතින්නියේ
දිස්නය දුන්න මිණ ඔබ නන්දා මාලිනියේ
සුරලොව සිටන් පිස අත පා කඳුළැල්ල
පවනක් ලෙසින් හමනුය දුක කර මෙල්ල
කප් සුවහස් කලක් පවතිනතුරු රැල්ල
ඔබෙ හඬ සවන් පිනනා මුදු නැළැවිල්ල
කවිය බලන්න
