කුල වැද්දවීම

කුල වැද්දවීම

නයනශාන්ති දිසානායක

මලක් මල්වර වී අනඟසර බැලුම්දී ස්වයංවර සුසැදී බඹරෙක් නමට පේවී දෙහදක හඬ රටා නුරා තතකින් පෙරා ගැයූ ගීය නොවලහා එක් ස්වරයක්ව ගලපා කලාවන් සපිරී සඳ මෝරා නැගුණී සා පැටවි තුරුල්වී පුරපස කෙමෙන් ගෙවුණී කිරි පිරූ ළැම බර කඳුලකට මුහුවිය අවමාන ඉතිරි විය තනි මඟ වාරු දියවිය වැලට බර වැඩිවූ ඵල රකිණුව රිසිවූ දෙවඟනය නෙත් වැසූ නිසි උණුසුමක් සැදවූ සම්මත නීති පොත මතින් සෙනෙහස තවර බැඳුම් තිර කර යෙහෙන තනවා කැදැල්ලක් නව පිස නිසරු කඳුළැලි මව්වත් ළය සැනසිලි දල්වා මුව හසරැළි දෙව් ලොවින් ආ නැළැවිලි (කව් ගී විරිත)
කවිය බලන්න