මළවුන්ගේ අවුරුදු දා

මළවුන්ගේ අවුරුදු දා

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

ඇගට හිර ලා නිල් කොට ගවුම ළමැදට තුරුළු වු මළවුන්ගේ අවුරුදු දා සන් කරයි ඔහුට මා කවුද සිත වසා දේදුනු දහසක් ඒ නිමේෂය අදත් ප්‍රේමයේ සියවසක් ". නොදැක සිටියා නම් හොඳයි පැතීම සොඳුරුයි ලැබීමට වඩා " ඔහු කියයි මට රිදෙයි ගණන් ගන්නෙපා ඒ විහිළුවක් " අපි හිනැහුනා අනාගත සිතුවම් ඇන්දා නුගේගොඩ බෝ ගහේ බෝ පතක් ගානේ කුණාටු ගිනිකඳු හිමකඳු අනෝරා වැසි හෙණ අකුණු ඒත් හුන්නා අත අත නෑර දෙවොල් පුදසුන සිඹ ආසිරි ලද බැතිමතිය ඇහිපියන් හැර බලනේ ඉකුත්ව අඩ සියවසක් අත්වැල ද ගිලිහුනු බවක් ඒත් මළවුන්ගේ අවුරුදු දා තවමත් පපුතුරේ Photo Credit; Lauren Richmond
කවිය බලන්න