මිහිඳුම් දුමාරේ
මිහිඳුම් දුමාරේ
අර පෙනෙන කඳු වළල්ලේ
මිහිරි වෙණ වැයුමක් දෝ
අර දුරින් ඇසෙන්නේ
දුර පෙනෙන මිටියාවතේ
රතු රෝස මල් පිපෙන්නේ
අපට අප පමණක් දෝ
නෑ කිසිවෙකුත් පෙනෙන්නේ
මධු චන්ද්‍ර යාමයේ
දවන නොතිත් ආශාවෝ
මධු පිරුණු කුසලානයේ
රස මතක උතුරා පිටාරේ
නිසොල්මනේ පසෙකින්
නෙතින් නෙත නොබලා
ළඟින් ළඟ ඉඳිමින්
දුරින් දුරකට වෙලා
අප තෙමුණු නුරා වැස්සේ
සීතලක් එදා නෑ දැනුණේ
ගොර බිරම් අසනි වැස්සේ
ඇයි අද සීතලක් දැනුණේ
ඉ
08/02/26
Photo Credit: Alessio Soggetti
