සිත නාය ගිහින්..........

සිත නාය ගිහින්..........

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

මල් සැඟවීලා සුවඳත් දැන් නැත නිල් අහසේ දේදුනු පායා නැත සතුටින් සරණා සියොත්කැළ ද නැත දිළෙනා පිණි බිඳු තණපත් අග නැත. ගලනා ජලයක නිල්වන් බව නැත හමනා සුළඟක පිවිතුරු බව නැත ඇසෙනා වදනක මිහිරක් නම් නැත පෙර විඳි සුවයක් යළි එන්නේ නැත. සෙ⁣නෙහස දුන් ගෙදරත් සැඟ වී ඇත මදහස පෑ දරුවන් වැළලී ඇත වියළී නොමයන කඳුලක් නෙත ඇත නොමැරුණු මතකය හිත තුල තව ඇත. හෙට හිරු පායා දවස ගෙනෙද්දෙන් මතක පොතක පිටු ඔහෙ ගැලවෙද්දෙන් සිහින දකින සිත නිති ගල් වෙද්දෙන් පෙරලුනු පොළොවට සිත යට වෙද්දෙන්.
කවිය බලන්න