සුබ නව වසරක් වේවා !

සුබ නව වසරක් වේවා !

ආරියරත්න ජයසිංහ මහරගම

අපි ගයමූ.. වයමූ....නටමූ
යළි යළි පුරවා හිස්වෙන මී විත
බමන හිසින් බුදිමින් රස මසවුළු
තිස් එක රෑ එළි වන තුරු

උසම කුලුනේ ආසියාවේ
මතුමාලේ කැරකෙන අවන්හලේ
සමු දෙමු ගෙවී යන වසරට
පුරා සව්දිය ලබන නව වසරට

සුබ පැතුම් ගලයි දසතින්
දුරකතන නොනැවතී නද දී
මූණුපොත් පිරී ඉතිරී
සුබ නව වසරක් වේවා!

කුලුන පහළ පටු මංපෙත කෙළවර
ලෑලි ගෙවල් සුන්බුන් කුණු විසිරුණ
කපුටු වසුරු දිලිසෙන ගහ යට සිට
කවුදෝ හිනැහුනි මහහඬ නඟමින
අපට ඉතින් අවුරුදු හැම දොහකම.

කවිය බලන්න