නව වසරට පැතුමක්....!!!!

නව වසරට පැතුමක්....!!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

මව්බිම දෙකඩ කෙරුනු…..

අදුරු සෙවනැලි පහව නොගියද

බොහෝ දේ අහිමී කරමින්…..

කදුළු අතරින් නැගී සිටින්නට වෙර දරන…..

අපේම ආදරණීය මිනිසුන් සමග

දුක සහා ප්‍රාර්ථනා පෙරදැරි කරගෙන

එකට එක්ව එකා මෙන්

අත්වැල් බැදගෙන නැගී සිටිමු පෙර මෙන්.

ජලය ගලාගෙන ගිය තැන්වල ශක්තිය උපදීවා!

බිහිසුනු අදුරෙන් ආලෝකය ඇතිවේවා!

හිමි අහිමි මැද සුව ශාන්තියම හිමි වේවා!

බලාපොරොත්තු වලින් පිරි නව වසරක් බිහිවේවා!

සියලු සත්වයාටම සෙතක් ශාන්තියක්ම වේවා!!!!

Photo Credit; Marisol Benitez

කවිය බලන්න