ජනේරු 1
නිරතුරු පැතුම් ගොනුකර දකිමින් පෙරදා
පිවිතුරු පියාපත් ලැබ දැක නැති කිසිදා
සඳ තරු සිහින යායක් මතුවී එනදා
විසිතුරු දිනයකිය ජනේරු පළවෙනිදා
දුක සැප සතුට සැනසුම විඳිනා මැද්දේ
විස රස දැණුනු තැන් ඉඳහිට විනි විද්දේ
ඒ හැම එකතු කර මැද ජීවන යුද්දේ
රසමුසු තැනින් අරඹමු නව අවුරුද්දේ
නිසලව සසල වන හදවත පසුවෙනවා
මුසුකර දයාවක් හැකි විට සැනසෙනවා
ඉඳහිට කඳුළු ආවොත් මගහැර යනවා
හිටියොත් විසි හතෙත් සත්තයි හිනැහෙනවා
කවිය බලන්න
