ඉසුරු සපිරි නව වසරක්,
සිනා කඳුළු එකට අනා
දවස් ගෙවී මහින් මහේ
නිමා වෙලා දොළොස් මහක්
මතක හිත තියා,
නව නිමැවුම් දැනුම මිණුම
දියත නැවුම් කලත් නිතර
උනුන් සමග තරග වදින
නාද නිමක් නෑ
අව්ව වැස්ස නියංසාය
දෙරණ පුරා සැරිසරද්දි
වත්කම් පනනල අපමණ
නික්මිලා ගිහින්,
අකා මකා අවුල් තැවුල්
නිවා දමා දුක් ගින්දර
සැමට සමව ඉසුරු ගලන
පැතුම නව වසක්,
