කිරි ඉතිරේවා නව වසරේ!
"ඇයි ඔතන කඹුරන්නෙ - ඉක්මනින් පැන ගනින්"
මෙවන් බණ කතන්දර උඹත් කීවා නේද
ඉතින් මං කතා කරා - මෙහෙමයි උන් කී මරිසි;
"මං ඉන්න කාමරෙට අස්ප ගාණක් ඩොලර්
දවල් සිකුරිටි වැඩ කළා - රෑට වේටර් අදත්
පේන මානෙකත් නෑ ලැබෙන පාටක් කඩදාසි
"ආච්චියෙක් බලාගෙන ටික කලක් නවතින්න
තනි පංගලමෙ රෑ මැද්දෙ යන ගමන් මිලානෙට
මෙතුවක් කල් මං කරපු ටැම්පරිය හාන්සි"
"ඇම්බසියෙ අයියලත් අමුතු ගේමක ඉන්නෙ
සලකන්න බැරි අයට වීසා අද නොවෙි හෙට
ඇසේ සයිරන් හඬක් - මට ටිකක් මාන්සි"
ඔටු කිරිත් ඉතිරුව මං පාන්දරින්ම නැගිටල
පපු කුහරෙ කලඹනව සුළි කුණාටුව දිත්වා
අර කොල පාට මතක් වෙනකොට නම් කාන්සි
17.12.2025
