25 න් 26 ට

25 න් 26 ට

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

නිල් මහනෙල් මලක පැහැය - අහස් කුසක් වැන්නේ හිරු සිඹ සිඹ සිනා සලයි - ගස් වැල් රිටිපන්නේ කඳු වැටියක් වරල මුදයි - පහළට බිම් තැන්නේ කවුරුන්දෝ මේ මනහර - දසුන් උදුර ගන්නේ මල් යහනක කවි පදයක් - නුවර වලා බැම්මේ හැපී වැටුන හැටි පුදුමයි - එක පිට එක පිම්මේ දවසක් දා විරසක වී - කඳුළු උනා දැම්මේ නොබෝ කුමරු තරමට අපි - වැරදි ද ලක් අම්මේ විහඟ රෑන් සිල් සුවඳින් - පෙළින් පෙළට සැදී නව වසරක මුරපදයක් - අතින් අතට දිදී අඳුරු වලා ඉරා දමා - අහස් තලෙන් මිදී උන් හැම තැන - නෙක පැහැයෙන් අලුත් රටා අඳී වංකගිරට වුවත් දිනක - සඳ පායනු නිසැකැයි මන්ද පමා නෙළාගන්න - සාමය තුරු හිසකයි නව වසරට තව ඇත්තේ - තත්පර කිහිපයකැයි ලක් මවුනට මේ වසරේ - කිරි ඉතිරිය යුතුමැයි
කවිය බලන්න