අවුරුද්දත් වයසට ගොස්!

අවුරුද්දත් වයසට ගොස්!

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දුරුතු නවම් මැදින් - බක් වෙසක් පොසොන් අගින් ඇසල නිකිණි බිනරට පසු - වප් ඉල් උඳුවප් ගිහින් දුරුත්තට ම අත වනා - අවුරුදු එන්නැයි කියා වසර නිමා කළ උඳුවප් - දොළොස් කණුවෙ නැවතිලා... දොළොස් මහෙන් - දොළොස් මහට - දුරුත්ත එයි සීතලෙන් ම වසරක් කල්-යල් ගෙවිච්ච - දෝමනස්ස-කණස්සල්ල ධූරි-භූත වෙන්න කියල - අකා-මකා වසට නැවුම් එන්න කියා කිරි සුවඳට - අලුත් හාලෙ බතක් කාල නව වසරක් පතන අපට - සකය වගේ කැරකි-කැරකි මාස දොළොස නිමකොට යළි - දොළොස් මසක් එන්නා සේ එනවා අවුරුද්ද ඔන්න - අලුත් වෙවී නව තාලෙට... අවුරුදු එනවැයි-එනවැයි - කීවට සති-මාස ගිහින් කාලය-දීපය-දේශය - වසරෙන්-වසරට ද වෙනස් අවුරුදු කෑවත් සතුටින් - අවුරුදු ගණනින් ද උසස් සොබාදහම අපට උඩින් - කුමට කියමු අප ගැන දොස් දොළොස් මසක් ගෙන වස්-දොස් - අවුරුද්දත් වයසට ගොස්!!! 2026.01.01 Photo Credit; Jamie Fenn
කවිය බලන්න