සෙත් කවිය

සෙත් කවිය

බන්දුල කුරුවිටආරච්චි

දෙරණ ලක ලැබ සකල සවිබල , නැවත පෙර ලෙස සුබල වේවා !

පිරුණ පීඩාවන් නිමාවී , නිදහස්ව දිවි පහන් වේවා !

සුගුන දන එකමුතුව අතදුන් , මහරු පින්බිම යළි දිලේවා !

සරණ දෙවි රැකවරණ නිතියෙන, සකල ජන කැල වෙත ලැබේවා!

ලකල බෝසත් බවින් පොහොසත් සතර බඹ විහරණ දකීවා!

සකල උවදුරු නොපැතූ තුන් බිය සමු ලබා ඉවතට ඇදේවා !

සුපුල හදවත් පිරුව මිනිසත් සුවය මෙලෙසම නිති රැකේවා !

සරල සුන්දර ලතෙත් ගුණයේ හදගැස්ම ලොවටම දැනේවා!

කවිය බලන්න