සංතාන ගිණිගනී......

සංතාන ගිණිගනී......

උදයංගනී විජේරත්න

හන්තාන කඳුමතට සුසුම් බර වැඩිවෙලා හංගාන හිටි කඳුළු දුකින් බිම අතුරලා ගංගාව මහවේලි මතින් ගියෙ රුදුවෙලා සංතාන ගිණි ගනී බලන් ඉනු බැරිවෙලා.. දළදාව අපි වැන්ඳ පෙර දවසෙ තුරුලුවී දුටුවාද ඉකිබින්ඳ හැටි නුවර පළුදුවී ගැලුවාම නැතිවෙන්න මහවැලිය වියරුවී හැකිවේද හිනැහෙන්න කඳුකරය දෙපලුවී.. සරසවි බිමට මහවැලියේ කඳුළු ගලා විරසක වුනිද දිය ගැලුවේ දෙගොඩ තලා වැනසුව තරම සැඩ රළුවේ වියරු වෙලා ඉවසනු හැකිද සියුමැලියේ සුසුම් හෙලා.. උඩරට මැණිකෙ අප ආගිය සිහින කරා හිටියෙම මතකෙ කිටි කිටියේ සුවඳ දරා නැවතුම නැවත පණ ගන්වා දසත සරා කවදද හනිකෙ යළි එන්නේ නුවර පුරා. ගලේවෙල
කවිය බලන්න