පරහට පිහිට වෙමු පින පමණක්ම සිතා

පරහට පිහිට වෙමු පින පමණක්ම සිතා

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

කළමුත් උදව් සැම දෙනටම නිති වෙහෙසී නැත මා දෙඩුවෙ ඒ ගැන කිසි බස් වහසී අද කිසි කෙනෙක් නැත මා වෙත සිටි ගැවසී එනමුත් මම සිටිමි සිත සතුටින් සැනසී ඇතැමුන් ළං වෙන්නෙ ලැබ ගන්නයි වාසී යහමින් ලදොත් කඹුරයි විලසින් දාසී කෝපෙන් අතැර යයි නොම ලදහොත් කාසී එලෙසයි විදිය හැසිරෙන මිනිසුන් රාසී ඔබ කැමතිනම් කරනට පර උපකාර එය කළ යුතුයි පුරවා සිත මෙත සාර නොකැමති විය යුතුයි යළි ප්‍රති උපකාර සිත තුළ පුරවගමු සිතුවිලි සරුසාර මිනිසුන් දුක් විඳිති ඇඳ නෙක රෙදි වැරලී ඉන් මුදවන්න වෙහෙසෙන අය නම් විරලී වගකිව යුත්තො බුදියති කා බී පෙරලී අපිවත් වෙර දරමු ගසමින් හෝ කැරලී වසනා බොහෝ රටවැසියන් විඳින දුක නවතා දමන්නට හැකිනම් එකින් එක පින හැර නොසිතමින් කිසිවක් වෙනින් එක අපි සැම කරමු වෙර වීරිය සිතින් එක 2025 . 11 . 27
කවිය බලන්න