බක තපස්...!

බක තපස්...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

කප කෝටියකටත් වැඩියෙන් සසරෙ පුරා... ඉපදී මැරි මැරී යළි එම පවම කරා... අපමණ චරිත ලෙස රැඟුවත් දුකම දරා... සැපයක් නාවෙ කිම දෙවියනි මහද කරා... මිනිසත් බව ලබා සිටියදි දිවිය පුරා... මනසත් රැක ගන්න බැරි විය අවිම දරා... වන සත්තුනට සිදුවෙද පව් ගොදුරු මරා... අනෙ සත්තකට ගැලවුම එයිද අප කරා... හදනෙමි ගැලවෙන්ට සුදු සිල් රෙදිද දරා... පුදනෙමි දානෙ, සිතමින් පින්, මසුද මරා... ඉඳිනෙමි ගොදුර එනකම් දැන් මෙමා කරා... නොදනෙමි වැටෙද මළ පසු යලි වලට නරා...
කවිය බලන්න