සුවඳ තියා

සුවඳ තියා

රුවන් ඩී අළුබෝමුල්ලගේ

සඳ වුව විටෙක සැඟවී යයි වලාවෙක මඳ පවනත් රළු වෙයි යම් අහම්බෙක බොඳ වී යාවි දෑසත් එක වෙලාවෙක හොඳ හෝ නරක කාටත් වී තිබියෑක කඳු මුදුනකින් ඇරඹී එන ගංඟාව සිඳු වෙත ඇදෙන තුරු වෙයි නෙක බාදාව සිඳුනත් නියඟයක දොළ දිය සීරාව අඳුනන්නට හැකිය මග ඒ දොළ ආව කන්ද කඩා වැටෙනා විට නාය ඇවිත් ලන්ද ඉතුරු වේවිද යට නොවී තවත් අන්ද මන්ද වී හිටියත් කවුරු කොහෙත් වැන්ද දෙවොල වුව පස් යට වැටී නිදත් උපන් දා පටන් නෙක නෙක ගැහැට විඳ අනන්තවත් දුක් පීඩා සමග හිඳ පහන් වුණා වීතරයි පායලා සඳ රුවන් වැට බිඳුණි ගොළු වුණි කොවුල් නඳ වීරිය නැතිවෙලා ගත, නැති වෙලා දයා කාරිය කරමි කොහොමෙන් හරි ඉවත නොයා නෑසිය මිතුරු හිතවත් දන අතැර පියා මා මිය යන්නෙ මා මෙහි උන් සුවඳ තියා
කවිය බලන්න