සිංදු වර්ෂයක්. FOR SAKE OF HIS NAME

සිංදු වර්ෂයක්. FOR SAKE OF HIS NAME

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

මහගම සේකර .. ඒ මහා කවියා මියගොසින් අඩ සියවසක් ගෙවිලා (1976 - 2026) ############################# තිලොවට දීපායමාන.. සත් පියුමක කළ උදාන.. සීහ නාදයෙන් බැබළුණි.. බුද්ධ වර්ෂයක්. දේව පුත්‍රයා උපන්න.. සීත නත්තලේ කතාව.. දුන්නානම් අපට ලොවට. ක්‍රිස්තු වර්ෂක්. ******************************* අවුරුදු කුමරිය කියන්න.. ලෝක සම්මතෙට කළාට. ජනවාරියෙ පළමුදාට.. එයිද වර්ෂයක්. අලුතින් ගී පද බඳින්න.. අප ඇරඹිය යුතුයි නේද.. ඔබ ලොව හැර ගිය දවසෙන්. පද්‍ය වර්ෂයක්. *********************************** දුරුත්තෙ වෙන් වෙල ගියාට.. ""සේකර " යනු සඳ නිසාම.. චන්ද්‍ර වර්ෂයට දුන්නත්.. අලුත් අර්තයක්. පන්හිඳ ඔබගෙන් ඇඳින්න.. කුණු කඳු දෑතින් බඳාන.. හිටියත් මට ඔබ වෙනු බෑ. ගියත් කල්පයක්. *********************************** ආවොත් මම කවි ලියන්න... "ප්‍රබුද්ධ" "බෝඩිම" හොයාන.. තාමත් මම ලියපු නිසා.. ඔබෙන් ස්වල්පයක්. බැරිවෙයි නොමියෙමි කියන්න.. කොහොමත් එමි ඔබ දකින්න.. ජීවිතයේ තව ඉතිරියි කීප වර්ෂයක්. ********************************* බෑ මුත් මට ගී ලියන්න.. ඔබ කිවු මාවත සමාන... කිවිඳුනි මට නොබනිනු මැන. කියා වල්ගයක්. සෙනෙහස් ගඟුලක් ගලාන.. එනතුරු ඉන්නව බලාන.. අඩ සිය වස සමරන කොට. සිංඳු වර්ෂයක්..
කවිය බලන්න