බලාපොරොත්තු
වසරක් ගෙවී යයි වේගෙන් අසුරු සැන
තව එක් දිනක් ඇමිණෙයි නව වසරකින
දරුවෙක් උදව් වෙනතුරු සිප් සතර දැන
අම්මෙක් පිලක වෙයි පෙර මග බලාගෙන
නත්තල සීතලට කොළ හැලෙනා රිකිලී
අත් හළ පැතුම් මැද ඇත ගුළි වී හැකිළී
ගහ තුළ අනාගතයක සුබ මල් පියලී
සරු පල දරන්නට පැතුමක් වෙයි නොසැලී
සේකර ඉඳන් අද වෙනතුරු කවියන්නේ
පෑනෙන් විමුක්තිය හොයමින් රඟදුන්නේ
ඒ කවි පැතුම් රජගෙදරත් දැන් ඉන්නේ
මේ රට අද හෙටම සුරපුරයක් වෙන්නේ
