මහරු සඟ ගුණ

මහරු සඟ ගුණ

නයනශාන්ති දිසානායක

සසල වේ දියත තරඟ නන්වා ලදින් එක් තෙරපුමක් සැණින තුමුළ ඒ දන පෙලන සෝක දැක මිදෙන සේ ඟංතෙරට පැමිණ විසුළ බෝ පත් පතල ලෝ දම දැන දැකම නොසැලෙනා සිතින නිසල මේ සිල් අරණ සෙවන සිත නිවන්න ට අනලස්ව නැඟුන නිතර සිහි කොට එ මුණි ගුණ දැන එතෙර වනු රිසියෙන් සිතාලා නොහැර පිය වර එ මහ සඟ ගණ වැඩිය මඟ නිතියෙන් බළාලා අතැර එකි නෙක එ දුක් දෙන වින සිඳින ලෙස විරියෙන් නැගීලා දුරැර විඳ හැම එ සිත් ලඳ දොස් සදොස් හැර සිහියෙන් දරලා මතක බණ පද පැන් වඩා දී නිවා නොනිවුන සිත්හි කඳුළු කුසක දැරු පෙම සෙත් පතා ලා පිරිත් පැන් බිඳ බිඳෙන් ඔපළු දුකක විපතක සියළු අණ විණ නොඑන ලෙස බළ වඩා ඉසිළු ගමක පරපුර නිවන් දොර වෙත කැටුව විත් කර දිවිය එකළු
කවිය බලන්න