දේවී
නුඹ වෙමින් මන්ද්‍රි උරෙනුර ගැටී
රස ඵල සොයන්නට
දෙමඟ ගොස් අපි සෙවූවේම කාසී
දිවි බර දැනී සිත වෙහෙස වී
උර තල සුවයකට
කෝ දැන් ඉඩක් දේවී
අපි ලියූ පෙම්පත් අතර ගැවසුන
සැදෑ වෙරළත මුදු පවන් රැළි
ගෙනගොසින් උඩු හුළඟ හා මුහු වී
විදුලි පෙති දුන් බොල් සුළඟ විඳ
ඉතිං දැන් මේ ගමන යමු අපි
නතර වෙන්නට ප්‍රමාදයි දේවී
හිම ගිරිවතේ අප හා වෙලී
තරණය කරන්නට ආ අත් බැඳී
සමනල පැටව්, තටු තවම නෑ සවිවී
ජූජක හිඳී මඟ දිග රැඳී
දන් දෙනු නොහී
දෑසේ තබා උන් රැකගනිමු දේවී
හුරු ලෙසේ සංසාර ගමනේ
එක්ව පියවර තබා ආ
නුඹ නොවෙන් කෙළෙසක ඒ නකුල මෑණී
ජීවිතේ මහ ගිරිදඹේ නැඟ
මේ ඔලොගු පැස හැර ගිමන් හරිනට
එක්ව මළුවට පිය නඟිමු දේවී
කවිය බලන්න
